Foundation & Early Years
1960 වර්ෂයේ සිසුන් 20කින් පමණ සමාගම් පාසලක් ලෙස ආරම්භ කළ මෙම පාසල 1961/7/10 දින රජයට පවරාගත් අතර පළමු වරට රජයේ ගුරුවරයෙකු ලෙස ජේ. ඩී. ඒ. රණසිංහ මහතා හා බී හුලන්දාව මහත්මිය වැඩ භාරගෙන ඇත. පාසලේ ජේෂ්ඨ උපගුරු ලෙස ජේ. ඩී. ඒ. රණසිංහ මහතා පත්ව ඇති අතර 1962 වසරේ එච්. එම්. ධර්මදාස මහතා විදුහලේ පළමු විදුහල්පති වශයෙන් පත්කොට ඇත. එදා සිට 1978/01/01 දක්වා විදුහලෙහි විදුහල්පතිවරුන් 09 දෙනකු සේවය කර ඇති අතර ගුරු මණ්ඩලය දෙදෙනෙකුට සීමා විය. එමෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාව 20ත් 37ත් අතර විය. .
Growth & Development
දිනෙන් දින දියුණුවට පත්වන මකුලෑව මහා විද්‍යාලය 2021 වසරේ දී ජාතික පාසලක් ලෙස නම් කර සංවර්ධනය කිරීම පාසල් ප්‍රජාව ලද විශාල ජයග්‍රහණයකි. ද්වීතික පාසලක් ලෙස සංවර්ධනය කිරීමේදී ප්‍රථමික අංශය ඉවත් කල නමුත් ප්‍රදේහයේ පදිංචි සිසුන් මුහුන පාන ගැටලු සැලකිල්ලට ගනිමින් 2023 වසරේ සිට නැවත විදුහලේ ප්‍රථමික අංශය ආරම්භ කිරීම නිසා පාසල් ප්‍රජාවට වඩා හොද අධ්‍යාපන අවස්ථා ප්‍රථමික අංශයේ සිටම ලබාදීමේ අවස්ථාව අප පාසලට උදාවී ඇත. වර්ෂ කිහිපයක් පැවැත්වීමට නොහැකි වූ නිවාසාන්තර ක්‍රීඩා උලෙල ද 2024 වසරේ දී සාර්ථකව පැවැත්වීමට හැකි වීම පාසලේ සිසුන් ලද මහගු අවස්ථාවකි..
Success & Recognition
අධ්‍යාපනික සෞන්දර්යය හා ක්‍රීඩා යන අංශ වලින් සෑම වසරකම පළාත් හා ජාතික මටිටමේ විශිෂ්ඨ දක්ශතා දැක්වීමට අප පාසල සමත් ව ඇත.
Present & Future
අනාගත අභියෝග සාර්ථකව ජයගත හැකි නිපුනතා පිරි සිසු පරපුරක් දැයට දායාද කිරීම සදහා අධ්‍යාපන කටයුතු සාර්ථකව මෙහෙයවීම ජාතික විභාග වලිව් සමත් වන ශිෂ්‍ය ප්‍රතිශතය වඩා ඉහල මට්ටමකට ගෙන යාම පාසලේ අපේක්ෂාව වේ.